ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ සිදුකෙරුණි.
වසර 200කට අධික කාලයක් ස්ථිර ලිපියනයක් සහිත මධ්‍යස්ථානයක් හෝ ගොඩනැගිල්ලක් නොතිබූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල සඳහා මීට වසර 9කට පෙර මෙම ඉඩම පරිත්‍යාග කර ඇත්තේ එවක ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාය.
මෙම තෙමහල් ගොඩනැගිල්ල අමරපුර මහා නිකායේ පාර්ශ්ව 22හිම ශාසනික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමට සුදුසු වන සේ නිමවා ඇත. ගොඩනැගිල්ල නම් කර ඇත්තේ මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් මෙහෙයක් ඉටු කරන ලද "ශ්‍රීමත් සිරිල් ද සොයිසා" මහතාගේ නමිනි.
උගත් බුද්ධිමත් සඟ පරපුරක් බිහි කිරීමට අමරපුර නිකාය දායක වුණා. ඒ අනුව වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරුවෝ, පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ, මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ, පිංවත්තේ දේවානන්ද හාමුදුරුවෝ, බම්බලපිටියේ නාරද හාමුදුරුවෝ, වජිරාරාම විහාර වාසී පියදස්සී හාමුදුරුවෝ, හීනටියන ධම්මාලෝක හාමුදුරුවෝ, දවුල්දෙන ඥානිස්සර හාමුදුරුවෝ වගේ කීර්තිමත් යතිවරයන් වහන්සේලා බොහෝ පිරිසක් අමරපුර නිකායෙන් බිහි වුණා.
0 Comments