Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ට මැතිවරණයේ දී විශේෂ නියමු ව්‍යාපෘතියක්

 
මෙවර මහ මැතිවරණයේ දී දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින් පාදක කර ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ නියමු ව්‍යාපෘතියක් හදුන්වා දීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
 
ඒ අනුව දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ දී විශේෂයෙන් සකස් කළ ආවරණ පත්‍රිකාවක් ඡන්ද පත්‍රිකාවට අමතව ලබා දීමට සූදානම් කර ඇත. ඒ ඔස්සේ ඉතා පහසුවෙන් කිසිදු බාහිර පාර්ශවයකගේ උපකාරය නොමැතිව දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයාටම සිය ඡන්දය තනිව ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ. 
 
මෙය අගෝස්තු 05වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් නියමු ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කිරීමට පළමුවරට අපේක්‍ෂා කරන බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();