Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සොයිසාපුර වෙඩි තැබීමට භාවිත කළ මෝටර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට

ගල්කිස්ස සොයිසාපුර හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට උපයෝගී කරගත් මෝටර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
 
සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයට මෝටර් රථයකින් පැමිණි පිරිසක් ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් තිබෙ. එම ප්‍රහාරය එල්ල වූ අයුරු ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලීසිය පරීක්ෂණ ක්‍රියාත්මක විය.
 
ඒ අනුව බස්නාහිර බුද්ධි කොට්ඨාසය මගින් පිළියන්දල ප්‍රදේශයේ දී ප්‍රහාරය සදහා යොදාගත් මෝටර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේය.
 
සැකකරු පනස් හැවිරිදි වියේ පසුවන්නෙකි. මෝටර් රථය හා සැකකරු වැඩිදුර විමර්ශන සදහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදීමට පියවර ගැණුනි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();