අරාබි මුහුදේ සිට ඉන්දියාව දෙසට ඇදී එන ‘නිසර්ගා’ සුළි කුණාටුව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ අනාවැකි පළ වී තිබේ.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මේ සුළි කුණාටුව මුම්බායි නගරයට කිලෝමීටර් 215ක් මෑතින් ශක්තිමත් වෙමින් පවතින බවයි. මේ අතර දස දහස් ගණන් ජනතාව ආරක්ෂිත උස් ප්‍රදේශ වෙත රැගෙන ගොස් ඇත.
තවදුරටත් අදහස් දැක්වූ එම දෙපාර්තමේන්තුව පැයට කිලෝමීටර් 13 ක වේගයෙන් එය රට දෙසට ගමන් කරමින් පවතින බව අනාවරණය කළේය. පසුගිය අඟහරුවාදා (02 දා) සිට අධික වැසි ඇති වී තිබෙන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
0 Comments