තම ග්රාහකයන් පෞද්ගලික මෝඩයෙන් වෙබ් අඩවි පරිහරණය කරමින් සිටින අවස්ථාවල දී පවා ඔවුන්ගේ තොරතුරු ගැන පරීක්ෂාවෙන් සිටින බව පවසමින් ගූගල් සමාගමට සහ ඇල්ෆබට් හිමිකරුට එරෙහිව ඩොලර් බිලියන 5ක් වන්දි ඉල්ලා නඩුවක් පවරා ඇත.
පෞද්ගලික මෝඩයෙන් වෙබ් පරිහරණයේ යෙදෙන විට තමන්ව නිරීක්ෂණයට ලක් නොවන බව වෙබ් අඩවි භාවිත කරන්නන් සිතා සිටියත් එය එසේ නොවන බව ගූගල් සමාගම පවසා තිබේ. කෙසේ වෙතත් ගූගල් සමාගම පවසන්නේ මෙසේ පෞද්ගලික තොරතුරු සෙවීම නීති විරෝධී කටයුත්තක් නොවන බවයි.
නීති සමාගමක් වන බෝයිස් ස්චිලර් ෆ්ලෙක්ස්නර් විසින් නඩුව පවරනු ලැබ ඇති අතර කැලිෆෝනියාවේ සැන්ජෝස් ෆෙඩරල් අධිකරණයේ නඩුව විභාග වෙයි.
0 Comments