කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් 700 දෙනෙකු ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් අද (01) පිටත්ව යාමට නියමිතය.
ඉන්දීය ජාතිකයින් 1500 කට අධික පිරිසක් සිය රට බලා යාමට නොහැකිව මෙරට රැදී සිටින බව සඳහන් වේ.
ඉන් පළමු කණ්ඩායම ලෙස ඉන්දීය ජාතිකයින් 176 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් පසුගිය සිකුරාදා දිනයේදී ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ඊයේ (31) පස්වරුවේ දෙවන කණ්ඩායම ලෙස ඉන්දීය ජාතිකයින් 700 කට ආසන්න පිරිසක් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ජලශ්වා නෞකාව කොළඹ වරායට ළඟා වී තිබේ.
0 Comments