Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු ප්‍රහාරයේ මුබාරක්ගේ බිරියගේ ගිණුම් වාර්තා නිකුත් කරන්නැයි බැංකු කළමනාකරුවන්ට නියෝග

Author(s): 
සුභාෂිණී සේනානායක

කොළඹ කිංග්ස්බරි හෝටලයේ ඉකුත් 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාහැරි ත්‍රස්තවාදියා වන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නොහොත් අබ්දුල්ලාහ් යන සැකකරුගේ බිරියගේ ජාතික හැඳුනුම්පතට අදාළව විවෘත කර ඇති බැංකු ගිණුම් වාර්තා රහස් පොලිසියට නිකුත් කරන ලෙස පුද්ගලික බැංකු දෙකක අදාළ බැංකු කළමනාකරුවන්ට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

මෙලෙස නියෝග නිකුත් කෙරුනේ සැකකාර ස්වයං ඝාතක බෝම්බ කරුවාගේ බිරිය වන කොළඹ බණ්ඩාරනායකපුර පදිංචි අයිසා සිද්ධිකා මොහොමඩ් වසීර් යන අයගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට වන අතර ඇයගේ හැඳුනුම්පතට අදාළව විවෘත කර ඇති බැංකු ගිණුම් විවෘත කර දිනයේ සිට විස්තර වාර්තා මෙන්ම ඒවාට අදාළව ප්‍රකාශයක්ද ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල හා මිනීමැරුම් අංශය සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();