අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු සහ පොලිසිය අතර අද (07) අලුයම් කාලයේ සිදු වූ වෙඩි හුවමාරුවකික් අදාළ සැකකරු මරණයට පත්ව ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ මිනුවන්ගොඩ, බල්ලපාන දූනගහ ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිව තිබෙන බවය.
පසුගියදා ගල්කිස්ස-සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ද මෙම සැකකරු බව පොලීසිය පවසයි.
සැකකරුවෙකු සැඟව සිටින බවට පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත අද (07) අළුයම 00.03ට පමණ ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් පොලීසිය වෙඩි තබා ඇති බව සදහන් වේ.
එහිදි පොලීසිය සිදුකළ ප්‍රතිප්‍රහාරවල දී සැකකරු තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුලත්ක කර ඇති අතර එහිදි ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම සැකකරු වයස අවුරුදු 50ක් වන බවත් බල්ලාපන - දිවුලපිටිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි පුද්ගලයෙක් බවත් ඔහු ඝාතන කිහිපයකට ද සම්බන්ධ අයෙකු බවත් පොලීසිය පවසයි.
මෙම සැකකරු විවිධ නම් වලින් පෙනි සිටිමින් අපරාධ රැසක් සිදු කර ඇති බව සඳහන්ය.
මෘත ශරීරය දිවුලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කිරීමට නියමිත අතර මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන එකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.
0 Comments