Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තවදුරටත් බදු සහන

(බුද්ධිකා ඉඹුලාන,සිතාරා සේනානි)
 
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට ඇති වූ බලපෑම අවම කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා තවදුරටත් බදු සහන ලබා දිය යුතු බවට රජය තීරණය කර  ඇත.
 
ඒ අනුව, පශ්චාත් පුනර්ජීවනය සඳහා වූ බදු සහන ලබා දීම සදහා මුදල් ආරථික හා ප්‍රතිපත්ති සංවර්ධන ඇමැතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය සමකැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
 
ඇමැතිවරයා අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේබව පැවැසීය.
 
කොවිඩ් - 19 හේතුවෙන් රට වසා තිබූ කාලසීමාව තුළ   සියලු ආකාරයේ බදු සම්බන්ධයෙන් වූ දඩ මුදල්නිදහස් කළඅතර ,  ඒවා නැවත අය කිරීම මෙම  ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටත්  මෙයට පෙර කැබිනට් අනුමැතිය  හිමිවිණි .
 
එම සහනයක්ට අමතරව තවත් සහන රැසක් සුළු හාමධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට  හිමිවන බව ඇමැති  සමකැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();