දිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙමයට හේතුව ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයයි
මේ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සදහන් වෙයි
උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.


0 Comments