Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාෂල් පෙරේරා මහතාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ඌව පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (01) දහවල් අවසන් ගෞරව දැක්වීය.
 
දේහය තැන්පත් කර තිබූ කොළඹ ජයරත්න මල් ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව පුදකොට සමරු ග්‍රන්ථයේ ශෝක සටහනක් ද තැබීය. 
 
මාෂල් පෙරේරා මහතාගේ බිරිඳ වන දයා ධර්මබන්දු මහත්මියට, පුත් හිටපු අමාත්‍ය නීතිඥ ඩිලාන් පෙරේරා මහතාට සහ දියණිය කිසෝලි මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්ට සහ දේශපාලන සමීපතමයන්ට ජනාධිපතිවරයා සිය  සිය සංවේගය පළ කළේය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();