අගෝස්තු 05 වනදා මහ මැතිවරණය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.
මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (10) සඳහන් කළේය.
ඒ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක දීය.
ජූනි මස 20 වන දා පැවැත්වීමට නියමිතව තිබු මහ මැතිවරණය, 2020 අගෝස්තු මස 5 වන දින පැවැත්වීමට සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ඒකමතිකව තීරණය කළ බව මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.
0 Comments