Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්‍රිතාන්‍ය අගමැතිගේ ජගුවර් රථය අනතුරකට ලක් වෙයි

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගමන් කරමින් සිටි ජගුවර් මෝටර් රථය අනතුරකට ලක්ව තිබේ. 
 
පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කර යළි සිය නිවස බලා යමින් සිටි අගැමැතිවරයා රැගත් මෝටර් රථය ඉදිරිපසට එකවර වීරෝධතාකරුවන් පිරිසක් දිව ඒමත් සමග රියදුරු තිරිංඟ තද කර රථය නවත්වා ඇතැයි බීබීසී පුවත් සේවය සඳහන් කරයි.
 
එම අවස්ථාවේදී අගමැතිවරයාගේ වාහනය පසුපසින් පැමිණි ආරක්ෂක භටයින් රැගත් මෝටර් රථය අගමැතිවරයාගේ මෝටර් රථයේ ගැටී තිබේ.
 
අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ සිදුවූ අනතුරෙන් අගමැති බොරිස් ජොන්සන්ට හෝ වෙනත් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති බවයි.
 
එසේම පොලීසිය සදහන් කර ඇත්තේ මහජන සාමය පිළිබඳ පනත යටතේ සහ අධිවේගී මාර්ගයට බාධා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පසුව එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් බවය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();