පාසල් යළි විවෘත කිරීම මේ මස 29 වනදා සිදු කෙරෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
එහෙත් එදිනට සිසු දරු දැරියන් පාසලට පැමිණීම අවශ්‍ය නොවන බව අමාත්‍යවරයා කියා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ මස 29 වනදා පාසලට පැමිණිය යුත්තේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලය පමණි.
අදියර හතරක් යටතේ පාසල් යළි විවෘත කිරීමටයි රජය තීරණය කර ඇත. එහි පළමු අදියර ලෙසයි ලබන 29 වනදා මෙසේ පාසල් විවෘත කෙරෙයි.
ජුලි 06 වැනිදා දරුවන් සඳහා පාසල් ආරම්භ කිරීම සිදුකෙරේ. ඒ අනූව පළමු අදියර යටතේ පාසලට පැමිණිය හැක්කේ 13,11,5 ශිෂ්‍යත්වය පෙනී සිටින දරුවන්ට පමණයි. 6 සිට 17 දක්වා මෙම අදියර ක්‍රියාත්මක කෙරේ.
ජුලි 20 වැනිදා සිට 10,12 ශ්‍රේණිවල දරුවන්ට පාසලට පැමිණිය හැකියි. අනතුරුව ජුලි 27 වැනිදා 3,4,6,7,8,9 දරුවන්ට පාසලට පැමිණිය හැකියි.
0 Comments