Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1710ක් වෙයි

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1710 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
 
අද(03) දිනයේ මේ දක්වා නව ආසාදිතයින් 27 දෙනෙකු හදුනාගෙන ඇත. ඔවුන්ගෙන් 19 දෙනෙකු කටාර් සිට මෙරටට පැමිණ ඇති අතර තවත් අයෙකු කුවෙට් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටින පුද්ගලයින් බව සඳහන්වේ.
 
සෙසු 07 දෙනා නාවික හමුදා සාමාජිකයින් බව ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසීය. 
 
එසේම මේ වන විට ආසාදිතයින් 863 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය  ලැබූ මුළු සංඛ්‍යාව 836 ක් වේ.
 
අද දිනයේ ද ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
 
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 424 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇති බවයි නාවික හමුදා මූලස්ථානය සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();