ඊයේ (01) රාත්‍රී 10.30 වනවිට තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගොස් තිබේ.
රාත්‍රී 10.30 වනවිට ඊයේ දිනය තුළ පමණක් හමුවූ රෝගීන් සංඛ්‍යාව 10කි.
ඒ අතරින් 6 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි අය වන අතර දෙදෙනෙකු නාවික හමුදා සෙබළුන් ද අනෙක් දෙදෙනා ආසාදිත යුධ හමුදා නිලධාරියාගේ සමීපතමයින් ද වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර ආසාදිතයින් 811 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.
පුද්ගලයින් 821 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
0 Comments