මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කිරීම ලබන සඳුදා දක්වා කල් දැමීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අද (03) තීරණය කර තිබේ.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අද රැස් වූ අතර එම රැස්වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී කොමිසමේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කිරීමට පෙර සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් මාර්ගෝපදේශ අධ්‍යයනය කිරීමට සිදුවන බවත්, එම මාර්ගෝපදේශ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහකාර තේරීම් භාර නිළධාරීවරුන් සමග සාකච්ඡා කිරීමට සිදුවන බවත් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ අනුව එම කටයුතු අවසන් කිරීමෙන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කිරීමටයි මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එකඟ වී තිබේ.
මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර සඳහන් කළේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවම වශයෙන් සති 09 ක පමණ කාලයක් අවශ්‍ය වනු ඇති බවයි.
0 Comments