ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු නීති සම්පාදනය කරන එංගලන්තයේ මාර්ලිබෝල් ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති කුමාර සංගක්කාරගේ සේවය වසරකින් දීර්ඝ කිරීමට එම්. සී. සී. ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.
පසුගිය 2019 වසරේ ඔක්තෝම්බර් මස පළමුවැනිදා සිට එම්. සී. සී. ක්‍රිඩා සමාජයේ සභාපති ලෙස සංගක්කාර වැඩ ආරම්භ කලේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු පුද්ගලයා ලෙසයි. සාම්ප්‍රදායිකව සිදුවන්නේ ධුරකාලය අවසානයේ සභාපතිවරයා විසින් නව සභාපතිවරයෙකු යෝජනා කිරීමයි.
කෙසේවෙතත් Covid-19 ලොව වත්මන් තත්වය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට නවතා දමා ඇත. ඒ හේතුවෙන් වැඩභාරගත් සංගක්කාර ප්‍රමුඛ කාර්යමණ්ඩලය ආරම්භ කළ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යාමට මෙමගින් අවස්ථාව හිමිවේ.
ඒ සම්බන්ධ යෝජනාව එලැඹෙන 24 වැනිදා පැවැත්වෙන එම්. සී. සී. වාර්ෂික රැස්වීමට ඉදිරිපත් කරනවා. ඒ අනුව සංගක්කාරගේ ධුරකාලය ලබන වසරේ සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමට නියමිතය. 1821 වසරේ සිට එම්. සී. සී. ක්‍රිඩා සමාජයේ සභාපතිවරුන් 168 දෙනෙකු සිට ඇති අතර වසරකට වැඩි කාලයක් සභාපති ලෙස කටයුතු කරන සිව්වැනි පුද්ගලයා සංගක්කාරයි.
0 Comments