Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිර්මාණශීලී ක්‍රම අනුගමනය කරමින් ඉදිරි මැතිවරණයේ ප්‍රචාරක වැඩ සිදු කළ යුතුයි

Author(s): 
නුවන් කොඩිකාර

මහාචාර්ය ජී. එල්. පීරිස්

නව නිර්මාණශීලී ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඉදිරි මහ මැතිවරණයේ දී ප්‍රචාරක කටයුතු සිදුකිරීමට සියලු දෙනාට සිදුවන බව ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා පැවසීය.

විදෙස් රටවල ද මැතිවරණ පැවැත්වීමේදී නව තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කැර ගන්නා බවත් අපේ රටද එවැනි දේට අනුගතවීමට කාලය එළැඹ ඇති බවත් හෙතෙම කීවේය.

විපක්ෂයේ පිරිස් මැතිවරණයට තිබෙන බිය නිසා එය කල් දමා ගැනීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බව පවසන ඒ මහතා එහෙත් වත්මන් ආණ්ඩුව ජනතා මතය බිඳ දැමීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

පසුගිය වසර හතර හමාරක කාලය තුළ යහපාලන ආණ්ඩුව රට ආපස්සට ගෙන ගිය බවත් එහි විපාක වත්මන් ආණ්ඩුවට විඳීන්ට සිදුව ඇති බවත් පීරිස් මහතා සඳහන් කෙළේය.

මහාචාර්ය ජී. එල් පිර්ස් මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අද දිනයේ රණවිරු සැමරුම් දින උත්සවය අති උත්කර්ෂවත් අයුරින් සමරන්න ආණ්ඩුව කටයුතු යොදා තිබෙනවා. යහපාලන ආණ්ඩුව ඉතිහාසයේ නොකළදෑ බොහෝමයක් වත්මන් ආණ්ඩුව සිදු කළා. විපක්ෂය දැනටත් රණවිරුවන්ට අභූත චෝදනා එල්ල කරමින් ඉන්නවා. රණවිරුවන්ගේ මනස විකෘති කරන ආකාරයේ විවිධ දෑ සිදුකරමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි එක්සත් ජාතීන්ගේ සමුළුවේදී මේ රටේ ත්‍රිවිධ හමුදාව පාවා දුන්න ආණ්ඩුවක් හැටියට එවක ආණ්ඩුව හදුන්වාදිය හැකියි. එහි සම අනුග්‍රාහක කටයුතුවලට අනුග්‍රහය දැක්වුයේ අපි කොයි කවුරුත් දන්නා යහපාලන ආණ්ඩුවයි. ජනතාව තුළ තිබු විශ්වාසය හා ගෞරවයට පවා හානී කරන්න ඒ අය කටයුතු කළා.

කොරෝනා ව්‍යසනයෙන් රටේ ජනතාව සුරක්ෂිත කරන්න කොයි තරම් ත්‍රිවිධ හමුදාව කැප වී කටයුතු කළාද?. එඩිතර නායකත්වයක් යටතේ සෞඛ්‍ය අංශය සමඟ එක් වී ඒ සියල්ලට උපකාර කරනු ලැබුවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියයි. නිරෝධායන මධ්‍යස්ථානවලට නිරෝධායනය වීමට අකැමැත්තක් දැක්වුවන් පවා අන්තිමේදී පිටවී ගියේ හමුදාවට ගෞරවය පුදකරලා. සමහරුන් කියා සිටියේ හමුදාව, නිදි නොලබා කොත්තමල්ලි කෝප්පය තමන් ගාවටගෙන දෙමින් නොමදව ඔවුන් රැකගත්තා කියලා. අපේ රටේ හමුදාව රටේ දුෂ්කර සෑම අවස්ථාවල දී තම සහාය නොමද ලබාදෙන්න කටයුතු කළා. ඒ දේ කවදාවත් කිසිවකුට අමතක කරන්න බැහැ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();