අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇත.
සිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට වෛරසය වැළදීමෙන් පසු මයික් පෙන්ස් මෙලෙස පරික්‍ෂාවකට ලක්ව තිබුනි.
ධවල මන්දිරය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උපජනාධිපතිවරයාව දෛනිකව කොවිඩ් 19 පරීක්‍ෂාවකට ලක් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේවන විට 76,000 ඉක්මවා ඇති අතර ප්‍රාන්ත නැවත විවෘත කිරීමට පටන් ගෙන තිබේ.
0 Comments