හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංකව වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කර තිබේ. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබා දින තුනකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය මේ බව ප්‍රකාශ කළේය.
මධුශංක ගමන් කරමින් සිටි මෝටර් රථයේ තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ. හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිගෑම් 700ක ප්‍රමාණයක් සන්තකයේ තබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. 23 වනිදා පන්නල හොරවඩුන්න ප්‍රදේශයේදී, පන්නල පොලිසියට ඔහු හසුව තිබුණි. ෂෙහාන් කලෙක පටන් හෙරොයින් භාවිතයට ඇබ්බැහිවී සිටි අයකු බවත් ඔහු සමඟ කුඩාපොත්ත ප්‍රදේශයේ වයස 24 මිතුරකුද මෙම වැටලීමේදී හසුවූ බවත් පොලිස් ආරංචි කියයි. එම පුද්ගලයා සන්තකයේද හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 810ක් තිබී ඇත. කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දෙදෙනාවම රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියෝගය නිකුත් කර තිබේ. අඟහරුවාදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
25 හැවිරිදි මධුශංක 2018 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ එක්දින තරගයකට හා විස්සයි 20 තරග දෙකකට ක්‍රීඩා කර ඇත. ඔහුගේ එකම එක්දින තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා සිටියද, ඔහු ජාතික සංචිතයට ඇතුළත් නොවුයේ පසුගිය මාස 18ක පමණ කාලය ඇතුළත විවිධ ආබාධවලට ලක්වූ බැවිනි.
කොවිඩ් 19 අවධානම නිසා අගුළු දැමීම ක්‍රියාත්මක වීමට පෙර ඔහු ශ්‍රී ලංකාවේ දේශීය තරඟවලට ක්‍රීඩා කරමින් සිටියේය. ජුනි මස මුලදී පුහුණුවීම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුළුල් ජාතික සංචිත ක්‍රීඩකයකු ලෙසද මධුෂංක තෝරා ගෙන නැත. වරදකරු වුවහොත් මධුශංකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද විශාල අත්හිටුවීමක් අපේක්ෂා කළ හැකිය. කෙසේ වෙතත්, මෙම සිද්ධියට පෙර ඔහුට බරපතළ විනය චෝදනා එල්ල වී ඇති බව වාර්තා නොවේ.
ඉකුත් වසරවල පන්දු යවන්නකු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ෂෙහාන් මධුශංක ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂ දක්ෂතා සහිත අයෙකි. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ පළමු තරඟයේදීම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමටද සමත් වූ අයෙකි. ෂෙහාන් මධුශංක 25 හැවිරිදි වියේ පසුවන අතර වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිස තිබේ.
from silumina
0 Comments