කොරෝනා වයිරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැඳීසිටි ශ්‍රී‍්‍ර ලාංකිකයන් 197 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
අද උදෑසන 6.20 පමණ ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 226 දරණ විශේෂ යානයෙන් ඔවුන් පැමිණ ඇත. පැමිණි සියලුදෙනා ශ්‍රී‍්‍ර ලංකා ගුවන් හමුදාව මගින් විෂබීජ හරණයට ලක්කර ඇතැයි සදහන් වේ.
ගුවන් තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකක නිලධාරීන් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම ද සිදුකර තිබේ. ඔවුන්ගෙන් පෞද්ගලිකව සෞඛ්‍ය තත්වය පිළිබද සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසු නිරෝධායන කටයුතු සඳහා රැගෙන යාම සිදුවිය.
0 Comments