කොවිඩ්19 හේතුවෙන් කල් දැමූ සහ අතර මැද නවතා දැමූ ක්රීඩා නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව මෙවර පාපන්දු තරග වාරය පවත්වා අවසන් කිරීමට උත්සාහ කරන ලෙස යුරෝපීය පාපන්දු සම්මේලනය සිය සාමාජික රටවල පාපන්දු සංගම්වලට දැඩි ලෙස අවවාද කර තිබේ.
කොවිඩ් 19 පැතිරයෑම හේතුවෙන් 2020 යුරෝපා පාපන්දු තරගාවලිය ලබන වසර දක්වා කල්දමා ඇති අතර යුරෝපයේ රටවල ජාතික පාපන්දු ලීග සහ මහාද්වීපික සමාජ තරගාවලි ද්විත්වය ද අත්හිටුවා තිබේ.
අතහැර දැමීමට වඩා සිය ප්රාදේශීය තරගාවලි පවත්වා අවසන් කිරීමට පියවර ගන්නා ලෙස යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලය එහි සාමාජික සංගම් වලට දන්වා තිබේ. ශූරයන්ගේ ලීග සහ යුරෝපීය ලීග තරගාවලි අවසන් කිරීමට සඳහාද ඔවුන්ගේ එම තීරණය බලපානු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.
යුරෝපා පාපන්දු සංගම් 55 ම පසුගියදා යුරෝපීය පාපන්දු සම්මේලන නිලධාරීන් සමග වීඩියෝ සම්මන්ත්රණයකට එක්වු අතර, 23 වැනිදා විධායක කමිටු රැස්වීම පැවැත්විමට නියමිත බැවින් එම සම්මන්ත්රණයේදී අනාගත සැලසුම් පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නොතිබුණි.
යුරෝපයේ පාපන්දු තරග පැවැත්වෙන්නේ වෘත්තීය මට්ටමින් වන අතර කිසියම් තරගාලියක් අතහැර දැමුවහොත් එය ව්යාපාරික වශයෙන් පාඩුවක් වෙයි. එබැවින් තරගාවලි අවලංගු කිරීමට යුරෝපා පාපන්දු සංගමයෙන් අනුබලයක් නොලැබෙනු ඇතැයි කියැවේ.
from silumina
0 Comments