Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහරගම අපේක්ෂා රෝහලට එන රෝගීන්ට ප්‍රවාහන පහසුකම්

දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණීමටත්, ආපසු නිවෙස්වලට යාමටත් අවශ්‍ය ප්‍රවාහණ පහසුකම් සැලසීමට කඩිනමින් විධිමත් වැඩ පිළිවෙළක් සකසන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට, උපදෙස් දී තිබේ.
 
දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බව රෝගීන් විශාල පිරිසක් යොමුකල පැමිණිලි සළකා බැලීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වේ.
 
එම පිරිස දැනට මාස දෙකක පමණ කාලයක සිට සායන සඳහා පැමිණීමේ අපහසුතාවයෙන් පෙළෙමින් සිටින බව සඳහන් වේ.
 
ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් සායන සඳහා පැමිණිමෙන් අනතුරුව ලබා ගත යුතු ඖෂධ ලබා ගැනීමට ද ඔවුන්ට නොහැකි වී ඇති බවයි වාර්තා වේ.
 
ඒ හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දිවයිනේ සෑම පළාතකම සිට මේ සඳහා යෙදවීමට අවධානය යොමු කරන ලෙසත්, රෝගීන්ට අපහසුතාවයක් නොවන ආකාරයටත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන කටයුතු සඳහා බලපෑමක් නොවන ආකාරයටත් වැඩ පිළිවෙළක් සැකසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();