ඊශ්‍රායලයේ චීන තානාපති ඩු වෙයිගේ මළසිරුර උතුරු ටෙල් අවිව් ප්‍රදේශයේ හෙර්ස්ලියාහි පිහිටි ඔහුගේ නිවසේ තිබියදී අද සොයාගත් බව සදහන් වේ.
මරණයට හේතුව නිල වශයෙන් හෙළිදරව් වී නොමැති අතර ඒ පිළිබඳ පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මූලික නිරීක්ෂණ අනුව තානාපතිවරයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් ලෙස අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල් යුවාල් රොටෙම් මහතා චීනයේ නියෝජ්‍ය තානාපතිවරයාට සිය ශෝකය පළකර ඇති අතර චීන තානාපති කාර්යාලයට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දෙන බවට ද පොරොන්දු වී ඇත.
0 Comments