Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පානදුර මූලික රෝහලට බාහිර රෝගීන් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා  ගුවන්  හමුදාධිපති  එයාර්  මාර්ෂල් සුමංගල  ඩයස්  මහතාගේ මගපෙන්වීම  යටතේ  පානදුර  මූලික  රෝහල්  පරිශ්‍රයේ  බාහිර  රෝගීන්  හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරිණි. 
 
මෙය  ශ්‍රී  ලංකාවේ  ඉදිකරන  ලද  පළමු  බාහිර  රෝගීන්  හඳුනාගැනීමේ මධ්‍යස්ථානය වන අතර  කොවිඩ්-19  වසංගත  තත්වය  හමුවේ  නොනවතින සටනක නිරත වන පානදුර රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහ සියළුම රෝගීන්ගේ ආරක‍්ෂාව වෙනුවෙන් පානදුර රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට කටයුතු කෙරිණි. 
 
මෙම  මධ්‍යස්ථානය  මගින්  රෝගීන්ගේ  තත්වයෙහි  බරපතලකම  හෝ  ප්‍රථීකාර සහිතව  හෝ  නොමැතිව  සුවය  ලැබීමේ  සම්භාවිතාවය  අනුව  රෝගීන්ගේ ප්‍රතිකාර වල ප්‍රමුඛතාවය තීරණය කිරීමේ ක්‍රියාවළිය ක්‍රියාත්මක කරනු ලබයි.  
 
කටුනායක  සිවිල්  ඉංජිනේරු  පක‍්ෂාංගයේ  දායකත්වයෙන්  ගුවන්  භටයින්  15 දෙනෙකුගෙන්  යුතු  කණ්ඩායමක්  විසින්  හැකිතාක්  කඩිනමින්  ඉතාමත්  කෙටි කාලයක්  තුළදී  නිමකිරීම  සඳහා  යොදවන  ලදී.  ඒ  අනුව  ගුවන්  හමුදා  සිවිල් ඉංජිනේරු අධ්‍යක‍ෂකයේ පූර්ණ අධීක‍ෂණය යටතේ දින 12 ක් වැනි ඉතා කෙටි කාලයකදී මෙහි ඉදිකිරීම් කටයුතු සියල්ල නිමා කර ඇත. 
 
මෙම  මධ්‍යස්ථානයේ  ඉදිකිරීම්  කටයුතු  සඳහා  එසුෆාලි  පවුල  සහ  හේමාස් හෝල්ඩින්ග්ස්  පුද්ගලික  සමාගම  මූල්‍ය  දායකත්වය  දක්වන  ලදී.  එසේම කොවිඩ්  19  වසංගතයෙන්  ඔබත්  රටත්  ආරක‍්ෂා  කරගැනීම  සඳහා  වූ  විශේෂ ව්‍යාපෘතිය වන “පෙරමග“ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පළමු ව්‍යාපෘතිය ද වෙයි. හේමාස්  හෝල්ඩින්ග්ස්  පුද්ගලික  සමාගමේ  සහ  හේමාස්  ඖෂධ  සමාගමේ සභාපති  මුර්ටාස්  එසුෆාලි  මහතාගේ  බිරිඳ  වන  අවන්ති  එසුෆාලි  මහත්මිය විසින් පසුගිය 28 වනදා මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කරන  ලදී.  
 
මෙම  උත්සවය  සඳහා  ශ්‍රී  ලංකා  ක්‍රිකට්  කණ්ඩායමේ  හිටපු 
නායකයෙකු  වන  කුමාර්  සංගක්කාර  මහතා,  ගුවන්  හමුදා  සිවිල්  ඉංජිනේරු අධ්‍යක‍්ෂක  එයාර්  වයිස්  මාර්ෂල්  රුචිර  සමරසිංහ  මහතා  ඇතුළු  පිරිසක්ද සහභාගී වූහ.  ශ්‍රී  ලංකා  ගුවන්  හමුදාව  විසින්  මෙහෙයවන  ලද  ඉංජිනේරු  ක්‍රියාවළිය සම්බන්ධිකරණය  කරමින්  එයාර්  කොමඩෝර්  උදුල  විජේසිංහ  සහ  ආචාර්ය සංජේ පෙරේරා සම්බන්ධීකරණ කටයුතු සදුකරන ලදී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();