Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා දෙවැනි අදියර ගැන අනතුරු ඇඟවීමක්

කොවිඩ් නයින්ටීන් දෙවන අදියරයට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස ප්‍රතිචාර දැක්විමේ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් පවසා ඇත්තේ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වෛරසය යළිත් වරක් වර්ධනය වී ඇති බවයි.
 
සී.එන්.එන් රූපවාහිනය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.
 
වෛරසය යළිත් වරක් වර්ධනය වීම පිළිබඳව සාක්ෂි පවතින බවද වෛද්‍යවරිය පෙන්වා දුන්නා.
 
ඒ අනුව දකුණු කොරියාවේ සෝල් හි රාත්‍රි සාමාජ ශාලාවක නව පොකුරක් හඳුනා ගැනිම මීට හොඳම සාක්ෂිය බව ද පෙන්වා දී තිබේ.
 
කෙසේවෙතත් වෛරසය මැඩපැවැත්විම සදහා මේ වන විට යම් සාර්ථකත්වයකට ළඟාවී ඇති බව ද වෛද්‍ය මාරියා වෑන් එම සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.
 
“නමුත් සැබවින්ම වැදගත් වන්නේ චීනයේ, කොරියාවේ, සිංගප්පූරුවේ, වෛරසය නැවත වේගයෙන් හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ සම්බන්ධතා සොයා ගැනීම වේගයෙන් ආරම්භ කිරීමට ඔවුන්ට ක්‍රමවේදයන් තිබීමයි.
 
ඔවුන් කිසි විටෙකත් අත්හැරියේ නැහැ. මෙය සියලු රටවලට පාඩමක්. වෛරසය නැවත නැඟිටීමට, නැවත වැඩි කිරීමට අවස්ථා සොයාගැනීමට ඔවුන් උනන්දු වුණා. අපි හැමෝම ඒ සඳහා සූදානම් විය යුතුයි.” යනුවෙන් ඇය කියා සිටියා.
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();