කොරෝනා වසංගතය හමුවේ කුවේට් රාජ්‍යයේ සිරවී සිටින ලාංකිකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා එරට බළධාරීන් සමග සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
විදේශ සබඳතා අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේ දෙරටෙහි විදේශ අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරතවීමට නියමිත බවයි.
නීතිවිරෝධීව රැඳී සිටින්නන් සඳහා කුවේටයෙන් පිටවීමට පොදු සමා කාලයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර එය උපයෝගී කරගෙන ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී ඇත.
0 Comments