ශ්‍රී ලංකාවේ සිට විදෙස් තැපැල් ලිපි සහ භාණ්ඩ තෝරාගත් ගමනාන්තයන්ට ගුවන් මගින් සහ මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර ඇත.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගුවන්තොටුපල සාමාන්‍ය කටයුතු නතර කිරීමත් සමග විදෙස් තැපැල් භාණ්ඩ හුවමාරු වන ප්‍රධාන ක්‍රමවේදයක් වන තැපැල් සේවය මුළුමනින්ම අඩපණ විය.
මේ හේතුවෙන් විදෙස්ගතව සිටින හිතමිතුරන්ට අවශ්‍ය ලිපි සහ භාණ්ඩ යොමු කිරීමට නොහැකි මෙරට ජීවත්වන දෙස් විදෙස් පාරිභෝගිකයන්ට යම් සහනදායී විසඳුමක් ලබාදීමේ අරමුණ සහිතව තැපැල් දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන තිබේ.
0 Comments