රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ජුනි මස 10වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
සේනාරත්න මහතාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග කර ඇත.
ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධියට අදාලව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා පසුගිය 13 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.
0 Comments