විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් 433කට කොරෝනා වෛරසය ආසාදිත බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ‘දිනමිණ‘ට පැවැසුවේය.
එම ආසාදිත පිරිසෙන් 430ක් ශ්‍රී ලාංකිකයන් වන අතර තිදෙනෙක් විදේශීය පුද්ගලයන් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
කුවේට් සිට මෙරටට පැමිණි ගුවන්යානා දෙකකින් 466ක් රැගෙනැවිත් ඇති අතර ඉන් 306කටම වෛරසය ආසාදිත යැයි ද ඔහු අවධාරණය කළේය.
කොවිඩ් - 19 වෛරසයෙන් ආරක්ෂා වීම උදෙසා ක්ෂේත්‍ර 47ක් ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව පරිශීලනය කිරීමෙන් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
නාවික හමුදා සාමාජිකයන් 727ක් මේ වන විට වාර්තා වී ඇතැයි ද වෛද්‍ය ජාසිංහ මහතා පැවැසුවේය.
මෙරට නිරෝධායන මධ්‍යස්ථානයන්හි ඉඩ පවතින ආකාරයට පිටරට සිට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව කිසියම් සැලසුමකට අනුව ගෙන්විය යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
0 Comments