COVID – 19 වැළඳුනු රෝගියෙකු රාජගිරිය – බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් අද(05) දින පෙරවරුවේ සොයාගෙන ඇත.
මේ අය හමුවීමෙන් අනතුරුව රාජගිරිය, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 30 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති වාර්තා වෙයි.
ත්‍රීරෝද රථ රියදුරෙකු වන මෙම හඳුනාගත් අසාදිත පුද්ගලයා පසුගිය පළමුවන දින සාදයක් ද පවත්වා ඇති බව ප්‍රදේශවාසීහූ පවසා තිබේ. හදුනාගත් ආසාදිත පුද්ගලයා නිවස තුළම නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙක් වීම විශේෂත්වයකි.
බණ්ඩාරනායකපුර ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර කිසිවෙකුට ඉන් ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකිය.
The post රාජගිරියෙන් එක් කෙනෙක්, 30ක් නිරෝධායනට appeared first on Lanka News Column.
0 Comments