Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊයේ හමුවු ආසාදිතයින් 26දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන්

ඊයේ(13) හමුවු කොරෝනා ආසාදිතයින් 26 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
කොවිඩ් 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 22නෙකු හඳුනා ගැනිමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වි ඇති බවට සැකපිට තවත්  පුද්ගලයින් 105 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
 
මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති වෛරස් ආසාදිතයින්ගෙන්  498 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
 
තහවුරු වි ඇති කොවිඩ් නයින්ටීන් වෛරස් ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 150කි.
 
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වෛරස ආසාදිතයින් 36 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();