අම්ෆන් සුළිකුණාටුවට හසු වී ඉන්දූනීසියා මුහුදු කළාපයට ගසා ගෙන ගොස් තිබූ බහුදින ධීවර යාත්‍රා 18ක් අදාළ ධීවර වරායන් වෙත නිරුපද්‍රිතව පැමිණ ඇත.
අම්බලන්ගොඩ, ගාල්ල, දෙවිනුවර හා බේරුවල ධීවර වරායවලින් මුහුදු ගිය බහුදින යාත්‍රා 18ක් අම්ෆන් සුළිකුණාටුවට හසුවී ගසාගෙන ගොස් තිබුණි. ධීවර යාත්‍රා මෙම අනතුරට මුහුණපෑවේ පසුගිය 13 වනදාය.
නාවික හමුදාවේ මැදිහත්වීමෙන් එම ධීවර යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන සහ ධීවරයන්ට ආහාර ද්‍රව්‍ය ආදි පහසුකම් සැපයීමෙන් අනතුරුව අදාළ යාත්‍රා යළි රැගෙන ඒමට හැකි විය.
අම්බන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක් වූ යාත්‍රා ද එම ධීවර වරායට අද ළගා වුණි.
0 Comments