Ticker

6/recent/ticker-posts

Header Ads Widget

11 වෙනිදා විවෘතයිලූ

ලබන 11 වන දින සිට සාමාන්‍ය කටයුතු සදහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

ඔහු පවසන ආකාරයටඒ පිළිබඳව විශේෂ සාකච්ඡා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිතයි. ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මැයි මස 11 වන දින සිට විවෘත කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ. නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් අදාල කටයුතු සිදු කිරීමට ආයතන ප්‍රධානීන්ට මේ වන විටත් වගකීම් පවරා ඇති බවයි ප්‍රකාශ වන්නේ..

පෙ.ව. 10.00ට විවෘතයි

මෙකී නිදේශයන්ට අනුව පෞද්ගලික අංශයේ ආයතන පෙරවරු 10.00 ට විවෘත කළ යුතුය. ඒ ඒ ආයතන වෙත සේවයට කැදවන සේවක සංඛ්‍යාව තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරී තිබේ.

කෙසේ වෙතටත් අදාල කටයුතු ‘නිසි නීතිමය රාමුවක්’ යටතේ සිදුකිරීමට දැනටමත් සැලසුම් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ලංගම ලැහැස්තියි

රජයේ මෙම වැඩපිළිවෙල යටතේ සාමාන්‍ය කටයුතු සදහා ලබන 11 වනදා විවෘත කිරීම සිදුවන අවස්ථාවේදී අවශ්‍ය කෙරෙන ප්‍රවාහන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විටත් සූදානමින් බව සභාපති කිංස්ලි රණවක කියයි. ඔහු පවසන ආකාරයට සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

දේශීය අදායම් සුදානම්

රජයේ යෝජිත විවෘත කිරීමේ වැඩසටහනට සමාන්තරව 11 වන දින සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ පවසයි. ඔහුට අනුව සියයට 20 ක පමණ කාර්ය මණ්ඩලයක් සේවයට කැදවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදාල කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.

සතොසත් විවෘතයි

ලබන සදුදා දිනයේ සිට දිවයින පුරා ඇති සතොස වෙළඳසැල් විවෘතව තැබීමට සැලසුම් කර ඇති බව ලංකා සතොස සභාපති නුෂාඩ් පෙරේරා පවසයි .

ඔහු සඳහන් කරන්නේ ඒ පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සැපයීමටයි.

ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රමවේදයන් භාවිතා කරමින් වෙළඳාම් කටයුතු සිදුකිරීමට සතොසට උපදෙස් ලබාදී ඇති බව නුෂාඩ් පෙරේරා පවසයි.

The post 11 වෙනිදා විවෘතයිලූ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();