Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඒ යුවල CIDයේ

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න සහ ඔහුගේ බිරිඳ ඊයේ වන විට ශ්‍රි ලංකාවෙන් පිට වී ඇතැයි දැනගන්නට ලැබී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබුණි.

එහෙත් ඊයේ වන විට පොලිසිය පවසා තිබුණේ අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඔවුන් දෙදෙනාට විදේශගතවීමට ඉඩක් නොමැති බවයි. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ වරෙන්තු ලබා සිටින ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍ර‍සේන සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක ඊයේ වන විට ඔවුන්ගේ නිවසේ නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබේ.

අද(06) උදෑසන ඔවුන් නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පොලිසිය පවසන්නේ කපිල චන්ද්‍රසේන ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරමින් සිටින බවයි.

ඔවුන් අත්අඩංගුවට ගෙන අද දිනයේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

The post ඒ යුවල CIDයේ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();