අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වී සිටින පොලිස් ක්‍රීඩා සමජය සිය ජයග්‍රහණ රැල්ල තව දුරටත් ඉහළ දමමින් ගුවන් හමුදා පිල සමග පැවැති දෙවැනි වටයේ තරගයත් ලකුණු 29-12කින් ජයගත්තේය. මේ තරගයේ පරාජයත් සමග ගුවන් හමුදා පිලට කුසලාන වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවී ගිය අතර ඔවුන් පළඟ ශූරතා වටයට ඇතුළත්ව සිටී. පොලිස් පිලට කුසලාන වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදා කරගැනීමට අවශ්‍ය වී ඇත්තේ තවත් එක් ජයග්‍රහණයක් පමණි.
පොලිස් පිටියේ පසුගියදා පැවැති මේ තරගයේ පළමු භාගයේදී එහෙම පිටින්ම ගුවන් හමුදා පිල පීඩනයට ඇද දැමූ පොලිස් ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 4ක්ම තැබීමට සමත්වූහ. ලකුණු 29-0කින් තරගයේ පළමු භාගය නිමාවට පත් කළ ද දෙවැනි භාගයේදී ලකුණු ලැබීමේ අවස්ථාව අහුරා දැමූ ගුවන් හමුදා පිල උත්සාහක දිනුම් 2ක් තැබීමට සමත්වූවත් ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.
පළමු භාගයේදී පොලිස් පිල වෙනුවෙන් නිසල් සමාධි, කසුන් රාජකරුණා, ශාන් අකිල සහ උදය සංජුල උත්සාහක දිනුම් තැබූ අතර යොහාන් පීරිස් උත්සාහක දිනුම් 3ක්ම ගෝල බවට පත් කළේ දඬුවම් පහරක් ද සාර්ථක කරමිනි. දෙවැනි භාගයේදී ගුවන් හමුදා පිල වෙනුවෙන් තිමිර අමන්ද සහ ශෂික ප්‍රනාන්දු උත්සාහක දිනුම් තැබූ අතර ගයන්ත ඉද්දමල්ගොඩ එක් උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළේය.
මහනුවර අපරාජිතව
කුසලාන වටයට
මේ අතර නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 39-28ක ජයක් වාර්තා කළ මහනුවර ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ සිය අපරාජිතභාවය තව දුරටත් රැකගනිමින් පෙරමුණ ගැනීමට සමත්විය. මේ තරගයේ ජයග්‍රහණයත් සමග මහනුවර පිල කුසලාන වටයට එක්වූ පළමු කණ්ඩායම බවට පත්විය.
වැලිසර නාවික හමුදා පිටියේ පසුගියදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 19-13කින් පෙරමුණ ගත් මහනුවර පිල තරගය පුරා ගෝල් 4ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් වාර්තා කළ අතර නාවික හමුදා පිල රැස් කළේ ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3ක් පමණි.
හැව්ලොක්ස් ජය ගනී
මෙවර තරගාවලියේ දැඩි පසුබෑමකට ලක්වූ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පළඟ ශූරතා වටයට තල්ලු කරමින් දෙවැනි වටයේ සිය ජයග්‍රාහී මාවත විවර කරගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්විය. දෙවැනි වටයේ ආරම්භයේ සිටම පීඩනයට හසුවී සිටි හැව්ලොක්ස් පිල පෙරේදා සී.එච්.පිල සමග පැවැති තරගයෙන් ලකුණු 40-37ක තියුණු ජයක් වාර්තා කරමින් කුසලාන වටයේ බලාපොරොත්තු ඉහළ දමාගත්තේය.
හැව්ලොක්ස් පිටියේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට හැව්ලොක්ස් පිල ලකුණු 20-17කින් පෙරමුණ ගත් අතර තරගය පුරා ගෝල් 4ක් සහ දඬුවම් පහර 4ක් වාර්තා කළ අතර සී.එච්.පිල ලැබුවේ ගෝල් 2ක්, උත්සාහක දිනුම් 4ක් සහ දඬුවම් පහරක් පමණි. හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණයට කදිම දායකත්වයක් ලබා දුන් නායක මිතුන් හපුගොඩ උත්සාහක දිනුම් ද්විත්වයක් තැබීම කැපී පෙනුණි.
සමන්ත වීරසිරි
ෆවුස් මොහොමඩ්
0 Comments