සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පළමු නිලනොවන පුහුණු එක්දින තරගය අද (17) කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
නවකයන් රැසක් එක්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩාය මෙහෙයවීමේ වගකීම උපුල් තරංගට හිමිව තිබේ.
කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන තරංගට පසුගිය මාස 13 තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමිව නැත. තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අසේල ගුණරත්නද මේ සංචිතයට එක්ව ඇති අතර දේශීය තරග බිමේ දස්කම් දැක්වූ පැතුම් නිශ්ශංක, ඇන්ජලෝ පෙරේරා සහ අශේන් බණ්ඩාරද කණ්ඩායම ඇතුළත්ව සිටිති.
එමෙන්ම දකුණු අප්‍රිකාවේදී නිමාවූ යොවුන් ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුෂංක සහ දඟ පන්දු යවන ක්‍රීඩක කවිඳු නදීශාන් මේ සංචිතයට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයකු වන කමිඳු මෙන්ඩිස් ඇතුළත්ව සිටියද ඩෙංගු උණ රෝගය වැළඳීම හේතුවෙන් ඔහුට එම අවස්ථාව මඟ හැරී තිබේ. ඔහුට අමතරව ශිරාන් ප්‍රනාන්දුද නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් වුවත් ආබාධයක් හේතුවෙන් ඔහුටද මෙම තරගය මග හැරෙනු ඇත. ඔවුන් දෙදෙනා වෙනුවට සධීර සමරවික්‍රම සහ තික්ෂිල ද සිල්වා සංචිතයට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ
කණ්ඩායම:
උපුල් තරංග (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, අශේන් බංඩාර, ඩිල්ශාන් මධුශංක, අසිත ප්‍රනාන්දු, තික්ෂිල ද සිල්වා, සචිදු කොළඹගේ, තරිඳු කෞශාල්, පුළින තරංග, චාමික ගුණසේකර, කවිඳු නදීශාන්, ළහිරු උදාර
0 Comments