දශක තුනකට ආසන්න කුරිරු බෙදුම්වාදී ත්‍රස්ත අරගලයෙන් පසු ශ්‍රී ලංකාව සංහිදියා යුගයක් කරා සංක්‍රමණය වී ලෝක සාමය පවත්වාගෙන යාමේ සංධිස්ථානයකට පැමිණ සිටින බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය පවසයි.
‘සාමය ගොඩනැංවීම සහ සාමය පවත්වා ගැනීම: ගැටුම් හා පශ්චාත් ගැටුම් තත්වයන් තුළ සංක්‍රාන්ති යුක්තිය‘එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ආරක්ෂක කවුන්සලයේ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මගින් මඟ පෙන්වනු ලබන රටේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා දේශීය සන්දර්භය විසින් මෙහෙයවනු ලබන නව්‍ය හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, ප්රජාතන්ත්රවාදී මාර්ගයෙන් ප්‍රකාශිත වන්නේ පුරවැසියන්ගේ අභිමතය බවත් නිත්‍ය නියෝජිතවරියා පැවැසුවාය.
මෙම සන්දර්භය තුළ ඇය කියා සිටියේ දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්තිවලට අනුකූලව අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ධාරිතා වර්ධනය හා තාක්ෂණික සහාය තුළින් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි.
0 Comments