තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට ගිය ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට ලක් විය
මෙම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
එම අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළුව යානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 177ක් සිට ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි පැවති වර්ෂාවත් සමග යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් කොටස් කිහිපයකට කැඩී අනතුරට පත්ව ඇත
අනතුරත් සමග ඉස්තාන්බුල් ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇත.
0 Comments