ඉදිරියේදී සමථ මුල මණ්ඩලවල බලය තවදුරටත් වැඩි කිරීම සදහා කටයුතු කරන බවත් ඒ පිළිබදව සොයා බැලීම සදහා මේ වන විටත් විශේෂ කමිටුවක් පත් කර තිබෙන බවත් අධිකරන මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
එහි නිර්ණායක ලැබුනු පසු ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා සදහන් කළේය. ඇමතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ(07) වැලිමඩ සමථ මුල මණ්ඩල සාමාජිකයින් අමතමිනි.
එහිදි තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.
“සමථ මණ්ඩල වලින් බලාපොරොත්තු වෙන්නේ උසාවියකින් වන සේවය නොවෙයි.සමථ මණ්ඩල වලින් සිදු කළ යුතු වන්නේ නඩුවේ සමස්ත හරය ගෙන දෙපාර්ශ්වය සමථයකට පත් කිරීමයි.අධිකරණයේ විනිශ්චයකාරතුමා හා සමථ මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු සාමාජිකයින් වන ඔබගේ භූමිකාව අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. නඩුව අධිකරණයට යාමට නොදී සමථ මණ්ඩලය තුළම විසදීමට සමථ මණ්ඩල සාමාජිකයින් වන ඔබ සෑම අවස්ථාවකම කටයුතු කළ යුතුයි. සමථ මුල මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදි සෑම අවස්ථාවකම ගමේ ප්‍රදේශයේ ගෞරවයට පත් වුනු අය පත් කළ යුතුයි.සමාජ විරෝධි වැඩ සිදු කරන ගමේ සමාජය තුළ ගෞරවයට පත් නොවුනු අය පත් නොකළ යුතුයි.අපේ විහාරස්ථාන වල කෝවිල්වල පල්ලිවල සිටින ආගමික නායකයින් අනිවාර්යයෙන්ම සමථ මණ්ඩල සදහා සාමාජිකයින් පත් කිරීමේදී පත් කළ යුතු වෙනවා.ඒ වගේම සමාජ සේවා සංවිධානවල කටයුතු කරන අය විශ්‍රාම ලැබු විදුහල්පතිවරුන් ගුරුවරුන් වැනි අයත් සමථ මණ්ඩල වල සාමාජිකයින් බවට පත් කළ යුතුයි.“
අපි සමථ මණ්ඩලවල කටයුතු කරන ඔබ දිරිමත් කළ යුතුයි.ඒ සදහා මේ වර්ෂය තුළ සමථ මණ්ඩල අතර කාර්ය අගය කරමින් තරගයක් පැවැත්වීමටත් එහිදී කාර්යක්ෂම සමථ මණ්ඩලය තේරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය නිර්ණායක අනුව සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
0 Comments