
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (16) දහවල් ඉදිකෙරිමින් පවතින කොළඹ වරාය නගරය නිරීක්ෂණය කළේය.
ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇරඹි ජාතික නීති සම්මේලනයේ දී කොළඹ වරාය නගර සැලැස්ම කෙරෙහි අවධානය යොමු කර තිබිණි. ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් කොළඹ නගරයේ දිගුවක් ලෙස මෙම නගරය ඉදිකෙරේ. ගොඩකිරිම් සහ යටිතල පහසුකම් සඳහා China Communication Construction සමාගම වැය කිරීමට අපේක්ෂිත මුදල අමරිකානු ඩොලර් බිලියන 1.4කි. ගොඩනැගිලි සංකීර්ණ වෙනුවෙන් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වැය කෙරේ.
නව භූමියට අදාළව සැකසූ නීති කෙටුම්පත් විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කර ඇත. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු විශේෂ ආර්ථික කලාපයක් ලෙස මෙම භුමිය ප්‍රකාශයට පත් කෙරේ. සේවාවන් උදෙසා වූ ප්‍රථම විශේෂ ආර්ථික සේවා කලාපය මෙයයි. නාගරික සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ China Communication Construction සමාගම ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. ගොඩනැගිලි ඉදිකිරීම් මේ වසර මැද ඇරඹේ. පළමු අදියර 2023 වසරේදී නිම කිරීමට අපේක්ෂිතය.
The post ගෝඨාභය වරාය නගරය බලයි appeared first on Lanka News Column.

0 Comments