කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර මංගල්‍ය අද (07) සුභ මොහොතින් ආරම්භ වීමට නියමිකව ඇත.
හෙට දින පැවැත්වෙන අවසන් මහා පෙරහැරෙන් නවම් මහා පෙරහැර මංගල්‍ය අවසන් වීමට නියමිතයි.
නවම් පෙරහැර උද්‍යාන වීදිය ඔස්සේ ජිනරතන පාර, හුණුපිටිය වැව පාර , ඩබ්ලිව්.ඒ.ඩි රාමනායක මාවත ශ්‍රිමත් ජේම්ස් පිරිස් මාවත ඔස්සේ ගමන් කර නැවතත් විහාරස්ථානයට පිවිසීමට නියමිතව තිබේ.
නවම් මහා පෙරහැරට මෙවර අලි ඇතුන් 50 කට අධික සංඛ්‍යාවක් සහභාගී කරවිමට සැලැසුම් කර ඇත මේ අතර පොලීසිය සඳහන් කළේ, ගංගාරාම නවම් මහා පෙරහැර හේතුවෙන් අද සහ හෙට පස්වරු 6.30 සිට ඒ ආශ්‍රිතව මාර්ග කිහිපයක් වසා තැබෙන බවයි.
ඒ පිළිබඳව අවධානය යොමු කොට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
0 Comments