Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හේමසිරිට පූජිත්ට කොන්දේසි සහිතව ඇප

පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම හා රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනිවාර්යය නිවාඩු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය මහාධිකරණ  නියමයට අනුව කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (5) නියෝග කෙළේය.

සැකකාරුවන් දෙදෙනා රුපියල් 250,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඇපකරුවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් විය යුතු බවට හා අධිකරණයේ අවසරයකින් තොරව සැකකරුවන්ට විදේශ ගතවීම තහනම් කරමින් ඔහුන්ගේ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට නියෝග කෙළේය.

තමන්ව ඇපමත මුදා හරින මෙන් ඉල්ලා පූජිත ජයසුන්දර මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි.

මිට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම් නොකරන ලෙස සැකකරුවන්ට අවවාච කළ මහෙස්ත්‍රාත්වරයාසෑම මසකම අවසන් ඉරුදින රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයා හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කෙළේය.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම චෝදනා සම්බන්ධයෙන් ඉකුත් ජූලි මස 02 වන දා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබීය.

ඉකුත් ජුලි මස 9 වනදා ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නියෝග කළ අතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ එම ඇප නියෝගය නීති විරෝධී බවට තීන්දු කර එය බල රහිත කරන මෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයැදුමක් ගොනු කර තිබිණ.

එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කොට තීන්දුවක් ලබා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව නීති විරෝධී බවට තීරණය කෙළේය.

එම තීන්දුව ඉකුත් ඔක්තෝම්බර් මස 09 වනදා ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් එදින යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග නිකුත් කෙරිණ.

මෙහිදි රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධියට අදාලව දැනටමත් ප්‍රකාශ 82 ක් සටහන් කර ඇති බවත් වැඩිදුර කරුණු තහවුරු කර ගැනිම සදහා මෙම සැකකරුවන් දෙදෙනාට රහස් පොලිසිය දැනුම් දෙන දිනයක පෙනි සිටි යළි ප්‍රකාශ ලබා දෙන ලෙසට නියෝග කරන ලෙසටය.

අදාල කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදා හැර රහස් පොලිසිය දැනුම් දෙන දිනයක පොලිසිය හමුවෙ පෙනි සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට නියෝග කළේය.

නඩුව යළි කැදවිම මැයි 6කල් තැබිණ.

 කුමුදු හෙට්ටිටිආරච්චි සිරන්ජනි කුමාරි


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();