කොළඹ සිට මගින් රැගෙන ත්රිකුණාමලය බලා ධාවනය වු ලංගම හා පෞද්ගලික බස් රථ දෙකක් අද (06) අළුයම තඹලගමුව පොලිස් වසමට අයත් මීරා නගර් , 99 ප්රදේශයේදි අනතුරකට ලක්විමෙන්එක් අයෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
කොළඹ සිට ත්රිකුණාමලය බලා පැමිණි ලංගම බස් රථයෙන්මගින් බැස්සවිමට නතර කර තිබියදි කොළඹ සිට ත්රිකුණාමලය දෙසට වේගයෙන් ගමන්කල මගින් රැගෙන පැමිණි පෞද්ගලික බස් රථය ලංගම බස් රථයේ පිටුපස වැදි ඇතැයි මුලික විමර්ශණ වලදි අනාවරණය වි තිබේ.
පෞද්ගලික බස් රථය වැදිමෙන් නවතා තිබු ලංගම බස් රථය ඉදිරියට ඇදි ගොස් වෙලදසැලක් තුලට ගොස් පෙරලි තිබේ.
පෞද්ගලික බස් රථයද ඉදිරියට ඇදිගොස් පෙරලි ඇති අතර එහි සිටි කොන්දොස්තර අනතුරින් මියගොස් තිබුණි.
මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල කන්දගොල්ල , වතුපිටිය පදිංචි අත්තනායක මුදියන්සේලාගේ තුෂාන් මධුසංඛ(22) නැමැති අයයි.
අනතුරෙන් තුවාල ලැබු අය කන්තලේ හා තඹලගමුව රෝහල් වලට ඇතුලත් කෙරිණි.
(ත්රි/මලය විශේෂ ඒ.ටි.එම් .ගුණානන්ද)
0 Comments