ජනාධිපතිවරණයෙන් පසු අමෙරිකාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඊයේ (3) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් යළිත් මෙරටට පැමිණ තිබේ.
ඔහුව පිළිගැනීම සඳහා ඇමැති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා ඇතුළු පිරිසක් ගුවන් තොටුපලට පැමිණ සිටියහ.
පසුගිය ජනාධිපතිවරණයේ දී සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ බැසිල් රාජපක්ෂ එම ජයග්රහණයෙන් සතියකට පසු අමෙරිකාව බලා පිටත්ව ගියේය.
එසේ පිටත්ව ගිය ඔහු නැවත මෙරටට පැමිණියේ මාස 2කට පමණ පසුවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් බිහිවීම සහ ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන ලකුණ සම්බන්ධයෙන් මේ වන විට දෙපාර්ශ්වය අතර කතා බහක් මතුව තිබෙන මොහොතක ඔහුගේ පැමිණීම විශේෂතත්වයකි.
මහ මැතිවරණයේ දී පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සිදුකිරීමට නියමිත අතර එහි සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනු ඇති බවයි එම පක්ෂයෙන් වාර්තා වෙන්නේ.
The post බැසිල් ඇවිත් appeared first on Lanka News Column.
0 Comments