Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඌව පළාතේ නව ඖෂධ උද්‍යානයක් ආරම්භ කෙරෙයි

ඌව පළාතේ නව ඖෂධ උද්‍යානයක් ආරම්භ කරමින් එහි පැළ රෝපනය කිරීම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිරි මහතා හා පළාත් ආයුර්වේද කොමසාරිස් පී.ඩබ්. දිසානායක මහතා ඇතුළු නිලධාරින් අතින් අද ( 10) දින සිදුවිය.

බඩල්කුඹුර මීගහගොම්මන ප‍්‍රදේශයේ අක්කර 15ක පමණ ප්‍රදේශයක මෙම නව ඖෂධ වගාව ආරම්භ කර තිබේ.

පළාතේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුබද්ධ මෙම ඖෂධීය වන වගාව ආරම්භ කළ භූමියේ ඉතා දුර්ලභ ගණයේ ඖෂධීය ශාක පැළ රෝපණය කර නඩත්තු කරමින් පළාතේ ආයුර්වේද රෝහල් වලට බෙහෙත් වර්ග ලබාදීම හා ආයුර්වේද වෛද්‍ය අධ්‍යයන කටයුතු සඳහා පර්යේෂණ භූමියක් ලෙස ද පවත්වාගෙන යාමට නියමිතය.

මෙම වගා භූමියේ බිංකොහොඹ, සුදු හා රත්හඳුන්, නිල්අවරිය, පාවට්ටා, කරාඹුනැටි, සැවැන්දරා, අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, අන්කෙන්ද, වෙනිවැල්, ඉරිවේරිය, කප්පරවල්ලිය, කොතලහිඹුටු, පිටවක්කා, ප්‍රානජීව, සැවැන්දරා, දුටු සතුටු ඇතුලූ ඖෂධීය ශාක වර්ග රැසක් හා පලතුරු පැල රෝපණය කර තිබේ.

ඖෂධීය වනයක වෙසෙන පක්ෂීන්, උරගයින්, සමනල වර්ග හා කෘමීන් ඇතුළු සතුන් විශාල වශයෙන් මෙම භූමියේ ජීවත්වන නිසා විද්‍යාත්මක සත්ව අධ්‍යයනයටත් මෙම භූමිය ඉදිරියේදී යොදා ගත හැකි බව ද වාර්තා වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();