කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ වන රොසැල්ල, බින්ඔය , වටවල ඉන්චාරා , කැරොලීනා, හා වේවැල් තලාව යන ප්‍රදේශ වල වූ වන රක්ෂිත, යුකැලිප්ටස් දැව වගා ,මානා හා ස්වාභාවික ශාක වලින් ගහන වු වන වගා හා රක්ෂිත වනාන්තර අක්කර 150 ට වැඩි ප්‍රමාණයක් 9 වන දා දිනය පුරා ගිනි ගනිමින් විනාශ වු බව වන සංරක්ෂණ නිලධාරීන් පැවසුහ.
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන සිට හැටන් දක්වා හා නාවලපිටිය මාර්ගයේ මහවැලි ගංගාව දේපස මහවැලියට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශ හා ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ජල උල්පත් පිහිටි ප්‍රදේශයකි.
එමෙන්ම ගම්මාන හා තේ වතු ආශ්‍රිත ජනාවාස බොහොමයක් වෙනුවෙන් පානීය ජලය ලබා ගන්නා ජල ටැංකි හා නල මාර්ග ද අතුරා තිබෙයි.
මෙහි යුකැලිප්ටස් හෙවත් රෙඩ්ගම් යනුවෙන් හඳුන්වන දැව වර්ගය ඇතුළු වටිනා දැව වර්ග හා එම ප්‍රදේශයේ විසු සත්ව වර්ග බොහොමයක් මෙම ගිනි ගැනීම් නිසා දැවී මිය යාමට ඇත.
මෙම අවස්ථාවේ පොල්පිටිය යුධ හමුදා කඳවුරේනිලධාරීන් හා හැටන් වන සංරක්ෂණ හා අඩවි වන කාර්යාලයේ නිලධාරීන් එක්ව ගිනි ගන්නා ස්ථාන කීපයක ගිනි ගැනීම් පාලනය කිරීමට කටයුතු කර තිබූමුත් බොහෝමයක් ස්ථාන පාලනය කිරීමට නොහැකි වුහ.
0 Comments