Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලැව්ගින්නට එරෙහිව කලාකරුවෝ

පසුගිය දා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශේෂ ප්‍රසංගයක් පැවැත්විණ. ලැව්ගිනි හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ ඔස්ට්‍රේලියාව ඒ සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණෙන් මෙම ප්‍රසංගය සංවිධාන කර තිබිණි.

ඇඩම් ලැම්බර්ට් ප්‍රමුඛ ජනප්‍රිය ක්වීන් සංගීත කණ්ඩායම, බ්‍රයන් මේ, ඇලිස් කූපර් සහ රොනාන් කීටින් ප්‍රමුඛ කලාකරුවන් විශාල පිරිසක් එම ප්‍රසංගයට එක්ව සිටියේය. ඒ සඳහා සහභාගී වූ ඔස්ට්‍රේලියානු ප්‍රහසන  රංගන ශිල්පී සෙලෙස්ටේ බාබර් ගිනි නිවීමේ කටයුතුවලට විශාල දායකත්වයක් ලබාදුන් ගිනි නිවන භටයින්ට සිය ස්තූතිය පුද කළේය. සෙලෙස්ටේ එහිදී අගමැති ස්කොට් මොරිසන් පිළිබඳව සඳහන් කළේ, උපහාසාත්මක ස්වරූපයකින් වීම විශේෂත්වයකි. ප්‍රසංගයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 9.5ක මුදලක් රස කළ අතර ඉදිරි දිනවල දී ඊට තවත් අරමුදලක් එක්වනු ඇතැයි, සංවිධායකයෝ අපේක්ෂා කරති.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාව ලැවිගින් හේතුවෙන් අසාමාන්‍ය ලෙස පීඩාවට පත්වූ අතර හෙක්ටයාර මිලියන 12කට අධික භූමි ප්‍රමාණයක් ඉන් විනාශ විය. මියගිය සංඛ්‍යාව ද 33ක් ලෙස සැලකෙන අතර බිලියනයකට අධික විවිධ වර්ගයේ සතුන් මිය ගියේය.

The post ලැව්ගින්නට එරෙහිව කලාකරුවෝ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();