කෙරෝනා වෛරස් රෝගය ඇතුලු වෛරස් රෝග මැඩලීමට සහ පාලනය සදහා ආයුර්වේදයේ ඇති පිළියම් සහ ඉදිරියේ දී වෛරසය පැතිරීම පාලනය සදහා දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් ගත හැකි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද පිළිබවත් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සංස්ථාවේ නිලධාරින් සහ දේශීය හා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රයේ නිරත වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියේය.
බොහෝ කොරෝනා වෛරස් වෙනත් සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරස් මෙන් පැතිරෙන අතර, ආසාදිත සතුන් මගින්, පුද්ගලයින්ගේ කැස්ස සහ කිවිසුම් යාම මගින්, පරිසරයට එකතුවන වෛරස මගින් ආසාදිත පුද්ගලයෙකුගේ දෑත් හෝ මුහුණ ස්පර්ශ කිරීමෙන්, ඔවුන් පරිහරණය කරන ලද උපකරණ වැනි දෑ ස්පර්ෂ කිරීමෙන් පැතිරේ.
මෙහිදී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා දේශිය වෛද්‍ය ක්රමයේ ඇති වෛද්‍ය උපදෙස්, ප්‍රතිකර්ම හා ඖෂධ පිළිබදවත්, ඉදිරියේ දී වෛරසය පැතිරීම පාලනය සදහා දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් ගත හැකි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද පිළිබදවත්, ඒ පිළිබදව ජනතාව දැනුවත් කළ යුතු ආකාරය පිළිබදවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
වසංගත රෝග පාලනය කිරීම සදහා දේශීය ආයුර්වේද ක්රමයේ හැකියාවක් තිබෙන පෙන්වා දෙමින් කොරෝනා වෛරසය මැඩලීමට ආයුර්වේද පිළියම් හා උපදෙස් ඇතුලත් අත්පත්‍රිකාවක් (අන්තර්ගතය - කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ආකාරය, පහසුවෙන් ගොදුරුවිය හැකි පුද්ගලයින්, ඇතිවන සංකූලතා, ආසාදිතයන් හදුනා ගන්නා ආකාරය, බෝවන රෝග පිළිබද ආයුර්වේදයේ දැක්ම, ආසාදනය වැළැක්විම සදහා ආයුර්වේද ප්‍රතිකර්ම, රෝගීන්ට සුදුසු දෑ) ජනතාව අතර බෙදාහැරීමට සහ අත්පොතක් මගින් වෛරසය පිළිබද හා ඉන් ආරක්ෂාවීමට ගතයුතු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද පිළිබද ජනතාව දැනුවත් කිරිමට පියවර ගත් බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙහිදී ඔවුන් පෙන්වා දෙන ලද්දේ කොරෝනා වෛසරයට මෙතෙක් කිසිදු බෙහෙතක් නොවෙන බැවින් ශරීර ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් කටයුතු කළ යුතු බවයි.
ඒ සදහා ප්‍රතිශක්තිකරණය වඩවන ආවේණික පාරම්පරික දේශිය ආහාර ලබාගැනීමට වැඩිවශයෙන් ජනතාව යොමු කළ යුතු බව පෙන්වා දෙන ලද අතර, කොරෝනා වෛරසය ද සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරස් මෙන් පැතිරෙන බැවින් දුම් ඇල්ලීම මගින් එය පාලනය කරගත හැකි ආකාරය පිළිබදව ද දැනුවත් කරන ලදි.
එබැවින් රෝග පාලනය සහ පැතිරීම වැළැක්වීමට දේශීය වෛද්‍ය ක්රමයේ වන ක්‍රමවේදයන් පිළිබද ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබවත්. ඉදිරියටත් ඒ සදහා මාධ්‍ය මගින් සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටින ලදි.
මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ රුපියල් බිලියන 120 ක් මෙම වසරේ ඖෂධ සදහා වෙන් කිරීමට සිදුව ඇති බවත් එය රටක් වශයෙන් සතුටු විය තත්ත්වයක් නොවන බවයි. රටේ අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පමණ දේශීය ඖෂධ නිෂ්පාදනය කෙරුණත් දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ නව ආයුර්වේද නිෂ්පාදන ආයුර්වේද දෙපාර්තමේන්තුව හා සංස්ථාව මගින් වෙළෙද පොලට ඉදිරිපත් කිරීමේ වැදගත්කම සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව සමග එක්ව ආයුර්වේද නිෂ්පාදන අලෙවි කිරීමට කටයුතු කිරීමේ ඇතිවැදගත්කමත් මේ පිළිබද දීර්ඝ වැඩපිළිවෙලක අවශ්‍යතාවය පිළිබදව ද අමාත්‍යවරිය පෙන්වා දුන්නේය.
0 Comments